අාහාර සුරක්ෂිත දර්ශකයේ දකුණු අාසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට

Share

බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක අාර්ථික බුද්ධි ඒකකය ඩුපොන්ට් සමාගමේ අනුග්‍රාහකත්වය අනුව වාර්ෂිකව ලෝක අාහාර සුරක්ෂිත දර්ශකය ගණනය කරනු ලබයි. එහිදී මෙම ලෝක අාහාර සුරක්ෂිත දර්ශකයේ දකුණු අාසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ලෝකයේ රටවල් 113ක් අතරින් ශ්‍රී ලංකාවට 66 වැනි ස්ථානය හිමිව අැති අතර ඒ අනුව දකුණු අාසියානු රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවයි.

පහසුවෙන් ලබා ගත හැකි වීම, සුලබතාව හා ගුණාත්මක හා අාරක්ෂාව ප්‍රධාන කරුණු 3ක් යටතේ ක්ෂේත්‍ර 28ක් දත්ත උපයෝගීකරගෙන මෙම දර්ශකය ගණනය කරනු ලබයි.

මෙම දර්ශකයේ අයර්ලන්තය ඉදිරියෙන්ම සිටින අතර අැමෙරිකාව හා එංගලන්තය දෙවැනි හා තෙවැනි ස්ථානවලට පත්ව අැත.

Read more

Local News