ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී චමරිට සම්මාන 04ක්

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගමින් එම රාත්‍රියේ වැඩි ගෞරව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු සමත්වූවාය. ඇය වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හමි සම්මානය මෙවර පිරිනැමීමක් සිදු නොවුණි. ලසිත් මාලිංග හා තිසර පෙරේරා අතරේ සම්මාන දෙක බැගින් බෙදී ගියේය. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිශ්ෂංක සම්මාන ලැබීය

 

ජාත්‍යන්තර ක්‍රිකට්

නැගීඑන ක්‍රීඩකයා – පැතුම් නිශ්ශංක

ටෙස්ට්

පිතිකරු – දිමුත් කරුණාරත්න

පන්දු යවන්නා – දිල්රුවන් පෙරේරා

තුන් ඉරියව් ක්‍රීඩකයා – ධනංජයද සිල්වා

එක්දින

පිතිකරු – කුසල් ජනිත් පෙරේරා

පන්දු යවන්නා – ලසිත් මාලිංග

තුන් ඉරියව් ක්‍රීඩකයා – තිසර පෙරේරා

විස්සයි20

පිතිකරු – තිසර පෙරේරා

පන්දු යවන්නා –  ලසිත් මාලිංග

තුන් ඉරියව් ක්‍රීඩකයා – ඉසුරු උදාන

කාන්තා ක්‍රිකට්

එක්දින

පිතිකාරිණිය – චමරි අතපත්තු

පන්දු යවන්නිය – ඕෂධී රත්නායක

තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු

විස්සයි20

පිතිකාරිණිය – චමරි අතපත්තු

පන්දු යවන්නිය – ශෂිකලා සිරිවර්ධන

තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශෂිකලා සිරිවර්ධන

වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රිඩිකාව – චමරි අතපත්තු

Read more

Local News