සා/‌‌පෙළ ලියන්න යමින් සිටි සිසුවියක් සර්පය‌ෙ‌කු දෂ්ඨ කිරිම නිසා ‌රෝහලට

Share

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අද (04) උදෑසන සිය නිවසේ සිට කැලෑබද මාර්ගයක් ඔස්සේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටි පාසල් ශිෂ්‍යාවක්ට සර්පයකු දෂ්ඨ කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව  රෝහලට ඇතුළත් කොට ඇත.

 

මෙම සිසුවිය මහියංගණ අධ්‍යාපන කලාපයට අයත් අරාව විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානය සඳහා මෙලෙස පිටත්ව ගොස් තිබේ.

ඇය මේ වනවිට මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර, ශිෂ්‍යාවගේ තත්ත්වය බරපතල නොවන බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read more

Local News