ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගැනීම කුමන්ත්‍රණයක්ද ?

Share

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් තර්ජනය කළා යැයි කියන සිද්ධිය පිටුපස ඇත්තේ ජාත්‍යන්තරය තුළ වත්මන් රජය අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

 

අනුරාධපුරයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව ඒ මහතා මේ බව සඳහන් කළේය.

අදාල කාන්තාව පවසා ඇති සාක්ෂි අනුව ඇය පැවසු කරුණු අස්‍ය බවට තාක්ෂණික සාක්ෂිවලින් සනාත වී ඇති බවද ඒ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව රාජකාරි ආරම්භ කිරීමත් සමඟම මෙවැනි චෝදනා එල්ල කිරීමෙන් සිදු කරන්නේ රටට සහ වත්මන් පාලනයට අපකීර්තියක් ගෙන දීමට උත්සහ කිරීම බවද ඒ මහතා පෙන්වා දෙයි.

එළඹෙන වසරේ මාර්තු මාසයේ මානවහිමිකම් කවුන්සිලය ජිනිවාහිදී රැස් වීමට නියමිත බවත් එහිදි ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර විශේෂයෙන් වත්මන් ආණ්ඩුව ආරම්භයෙදීම අපකීර්තියට පත් කිරීමට කළ ක්‍රියාදාමක් බවද ඒ මහතා පැහැදිලි කළේය.

එම නිසා මෙම අභියෝජ සියල්ල මැඩගනිමින් ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය වත්මන් ආණ්ඩුවට පවතින බවද ඒ මහතා අවධාරණය කළේය.

එමෙන්ම ජනතාවගේ අභිලාශයන් ඉටු කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම කර්යය බවද ඒ මහතා පැවසීය.

Read more

Local News