කුඩු විකුනන්න ආ 2ක්ට වැල්ලවායේ දී ගුටි

Share

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ තරුණයන් විසින් හෙරොයින් අලෙවි කිරීමට පැමිණි බවට සැක පිට පුද්ගලයකු අල්ලාගෙන ඇත.

පසුව මෙම පුද්ගලයා ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී නගරය හරහා ගොස් නගරය ආසනයේ ඇති කැළෑබද ස්ථානයකට දිවගොස් ඇත.

පසුව තරුණයන් සහ පොලිස් නිලධාරීන් විසින් එම කැළෑබද ස්ථානය පරීක්ෂා කර ඇති අතර එහිදී සැඟව සිටි මෙම පුද්ගලයා සොයාගෙන තිබේ.

පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහුට පහර දී අත් බැද පොලීසියට බාර දී ඇත.

ඔහුගේ දුරකථනයට ලද ඇමතුමක් සමඟින් මෙම පුද්ගලාගෙන් හෙරොයින් ලබා ගැනීමට පැමිණි බව කියන පුද්ගලයකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා ඌව කුඩාඔය සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා වැල්ලවාය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News