කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව විසින් ඊ‌යේ (04) දින මුතූර් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

 

ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී ලෙස මත් ද්‍රව්‍ය විකිණීම සහ ලඟ තබා ගැනීම වැනි කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව මේවන විට විශාල දායකත්වයක් ලබා දී ඇති අතර, එහි තවත් මෙයෙහුමක් මුතූර් ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලදී.

එහිදි මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇත.

මෙහිදී යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා ලඟ තිබී කේරළ ගංජා ග්‍රැම් 990 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතරඑහිදී මෙම පුද්ගලයා නාවික හමුදා භාරයට ගෙන තිබේ.

එම සැකකරු වයස අවුරුදු 27 ක් වන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුතූර්පොලීසිය වෙත භාර දිමට කටයුතු කරන ලදී.

Read more

Local News