ශ්‍රී ලංකාව චීනයට පමණක් විවෘත රටක් ‌නොවන බව ජනපති කියයි

Share

ශ්‍රි ලංකාව, චීනයේ පමණක් නොව ජපානය, ඔස්ට්‍රේලියාව, සිංගප්පුරුව හා දකුණු කොරියාව වැනි රටවල් වලටද විවෘත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින් විදේශ අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

 

මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහීඩ් මහතා සමඟ ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය ආයෝජන පිළිබඳ අදහස් දක්වමින් මේ පිළිබඳ ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ජනාධිපතිවරයා හමුවු මාලදිවයින් විදේශ අමාත්‍යවරයා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් සොලී මහතා වෙනුවෙන් ජනාධිපතිවරයාට සුභාශීංෂන පිළිගන්වා ඇත.

අබ්දුල්ලා ෂාහිඩ් මහතා දෙරට අතර ද්වීපාර්ශවික මෙන්ම කලාපීය සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read more

Local News