ජල ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව වාසු කියයි

Share

අද වනවිට ජල ගාස්තු සංශෝධනයේ අවශ්‍යතාවයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

නීතියට අනුව සෑම වසර 3කට වරක්ම ජල ගාස්තු සංශෝධනය විය යුතු බවත් නමුත් වසර 6ක පමණ කාලයක සිට ජල ගාස්තු සංශෝධය වී නැති බවත් වාසුදේව නානායක්කාර මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

නමුත් මේ වන විට ජල ගාස්තු සංශෝධනයක අවශ්‍යතාව ඇති බවත් මසකට යුනිට් 15කට අඩු ප්‍රමාණයක් ජලය භාවිත කරන අයට මෙම සංශෝධනය අදාල නොවන අතර ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ජලය පාවිච්චි කරන පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු වැඩි කිරීම ගැන අධ්‍යනය කරන බවත් ඒ මහතා පැවසීය.

මෙම සංශෝධනය කර්මාන්තශාලාවලට බල පවත්වන්නේ නැති බවත් පුද්ගල පරිභෝජනයට අදාළව පමණක් මෙය බල පවත්වනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News