හෙද උපාධිය පිරිනැමීමට සෞඛ්‍ය අමාත්‍යවරියගේ එකඟතාවය හිමිවෙයි

Share

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමග සිය වෘත්තීන්ට අදාල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය.

 

මෙම සාකච්ඡාව ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය වන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සදහන් සෞඛ්‍ය සේවාව නගා සිටුවිමට අදාල කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබදව අවධානය යොමු කරන ලදි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් පසුගිය වසර 4 ½ කාලය පුරාවට හෙද ක්ෂේත්‍රයට අදාල නොවිසදුනු ප්‍රශ්න හා ගැටළු පිළිබද අමාත්‍යවරිය දැනුවත් කිරීමට මෙහිදී පියවර ගන්නා ලදි.

විශේෂයෙන් හෙදියන් සදහා හෙද උපාධිය පිරිනැමීම පිළිබදව කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින ලදි.

ඒ අනුව හෙද උපාධිය පිරිනැමිම පිළිබද අමාත්‍යතුමිය සිය එකඟතාවය පළ කරන බව ද ප්‍රකාශ කළාය.

එම සංගමය විසින් සාකච්ඡාවට ගත් ප්‍රධාන කරුණූ වලට අමතරව හෙද සේවාවේ උසස්වීම්, ස්ථානමාරුවීම් සහ සුබසාධන කටයුතු පිළිබදව  දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

Read more

Local News