සජිත් මහත්තයා මුළු රටටම රැවැට්ටුවා – චමල්

Share

රටේ සියලු මැතිවරණ කොට්ඨාසවල සමෘද්ධිලාභීන්, අමාත්‍යාංශවල පවතින රැකියා පුරප්පාඩු අනුව බඳවාගන්නා බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

 

හම්බන්තොට, මිද්දෙණිය, තලාව ප්‍රෙද්ශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“සජිත් මහත්තයා මුළු රටටම රැවැට්ටුවා ගෙවල් හදලා. කොහොමද හදන්නේ,  මුල් ගෙවීම විතරයි ඉතුරු සල්ලි දෙන්න සල්ලි නෑ. අමාත්‍යංශයට දුන්න සල්ලිත්, වෙන වෙන දේවල්වල තියෙන සල්ලිත් අරගෙන මිනිස්සුන්ට දීගෙන ගියා. හැබැයි මිනිස්සු රැවටුනේ නෑ.

වනජීවි එකට අයිත් වැව් තාවුල්ලට අයිති ඉඩම් පවා බලහත් කාරයෙන් අරගෙන. ගුවන් තොටුපළ හැදුවා වහගෙන හිටියා වී දාලා. එතන ගිහින් ගෙවල් හැදුවා. එතන ගෙවල් හදන තැනක් නෙමෙයිනේ.

චීනයට වික්කා වරාය. ගෝඨාභය මහත්තයා ඒක ආපසු ගන්න චීනයත් තෙක්ක කථා කරගෙන යනවා. අපි එතන කර්මාන්ත ශාලා හදනවා. කර්මාන්ත ශාල හදන්න අපි කට්ටියට ආරාධනා කරලා තියෙනවා. ඒ වෙනෙකොට රැකියා ඇති වෙනවා.

අමාත්‍යාංශ තුළ තියෙන ඇබෑර්තු ජනාධිපතිතුමාට අපි දන්නන් ඕනේ. සියලුම මැතිවරණ කොට්ඨාශයට සමානව හැම තැනටම බෙදී යන ආකාරයට. ඒ ඇබෑර්තු අඩු ආදායම් ලාබී සමෘද්ධිලාභීන්ගෙන් බදවා ගන්න ඕනේ.“

Read more

Local News