මැදපෙරදිග රටවල තානාපතිවරු හා ජනපති අතර හමුවක්

Share

මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් අද(09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

 

නව රජයට මැද පෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදී පවසා ඇත.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සුභාශීංසන පළ කළ තානාපතිවරු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ තම රටවල් අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීමට කැපන බවට ද සහතික වී තිබේ.

පලස්තීනය,ඊජිප්තුව,කුවේට්, ඕමාන්, ඉරාකය, ලිබියාව හා කටාර් යන රටවල්වල් නියෝජනය  කරමින් ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරු මෙම හමුවට එක්ව ඇත.

Read more

Local News