2017 වර්ෂයේ මේ දක්වා කාලය තුළදී පමණක් කෝටි 13 කට අධික හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට

Share

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසුවේ 2017 වර්ෂයේ මේ දක්වා කාලය තුළදී පමණක් කෝටි 13 කට අධික හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට සහ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපාරාධ දිසාවට හැකි වූ බවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් අතුගා දමන දිනය වැඩි ඈතක නොවන බවයි.

2017 වසරේ මේ දක්වා කාලය තුළ 136129250.00 ක් වටිනා හෙරොයින් අත් අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

2017 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් 22 වෙනතුරු කාලය පුරා සිදුකරපු හෙරොයින් සම්බන්ධ වැටලීම් 285 ක දී සැකකරුවන් 303 දෙනෙකු අත් අඩංගුවට ගන්න පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවෙලා තියෙනවා.

ඒ වගේම තමයි අගෝස්තු මාසයේ පිහිටවපු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ දිසාව මඟින් වැටලීම් 160 කදී සැකකරුවන් 167 දෙනෙකු අත්අඩංගුවට ගෙන තියෙනවා. පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම කියන්නේ එකිනෙක බැඳුණු කාරණා දෙකක්. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකරම් බොහෝ දුරට එකම පිරිසක් විසින් තමයි සිදු කරන්නේ.

විදෙස් රටවල සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරවන ප්‍රධාන පෙළේ පාතාල නායකයින්අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මක බවද අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Read more

Local News