අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

Share

පාසල්වල ගුරුපත්විම් ලබාදෙන බවට  දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව නොමඟ යවමින් කූඨ ලිපිලේඛන සකස් කර,  එක් ගුරු පත්වීමක් ලබාදීමට රුපියල් 1,50,000ක් බැගින් ලබාගනිමින් සිදුකරන ලද සැලසුම්සහගත වංචනික වැඩපිළිවෙළක් සම්බන්ධව ‍පසුගියදා (08) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත තොරතුරක් ලැබි  තිබේ.

 

ස්වාමීන් වහන්සේ නමක් විසින් ඉතා වගකීම්සහගතව, තමා වෙත ලබා දෙන ලද මෙම තොරතුර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ අධ්‍යාපන අමාත්‍යවරයා, මෙම සිදුවීම සම්බන්ධව රහස් පොලීසිය දැනුවත් කරන ලද අතර, ඒ අනුව,  මේ වනවිට සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට ද හැකි වි ඇත.

රාජාංගණය ප්‍රදේශයේ තරුණියකට ගුරුපත්වීමක් ලබාදීම සම්බන්ධයෙන් මෙසේ  මුදල් ලබාගෙන ඇති අයවලුන් අදාළ ගම්බද තරුණිය සහ ඇයගේ මවුපියන් වෙත දැනුම් දී ඇත්තේ අද දින ගුරුපත්වීම් ලබාදීම අමාත්‍යවරයා අතින්ම‍ සිදුකරන බවයි.

සිද්ධියට අදාළ සැකකරුවන්ට මේ සම්බන්ධව තොරතුරු අමාත්‍යාංශය තුළ සිටින කණ්ඩායමක් විසින්ම ලබා දී ඇති බව ද මේ වනවිට අනාවරණය වී ඇති අතර, මෙවැනි තොරතුරු ලබාදීම් සහ ජනතාව ‍නොමඟ යවමින් මුදල් ගසාකෑම් පසුගිය වසර කිහිපය මුළුල්ලේම ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු ද මේ වනවිට හෙළිවෙමින් පවතී.

මෙම කරුණු පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටින අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාව වෙත දැනුම් ‍දී සිටිනුයේ, එවැනි කවර හෝ පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට නොරැවටෙන ලෙසත් එවැනි ව්‍යාජ පොරොන්දු වෙමින් මුදල් ගසාකන වංචනිකයන් සම්බන්ධ තොරතුරක් ලද විගස වහාම අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් ය.

Read more

Local News