අද නුගේගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Share

නුගේගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

අද රාත්‍රී 10.00 සිට හෙට අළුයම 05.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේය.

නුගේගොඩ, මිරිහාන, ඇතුල්කොට්ටේ, පිටකොට්ටේ, නාවල, උඩහමුල්ල සහ ගංගොඩවිල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සදහන්.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශ සදහා මෙලෙස  ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය  සදහන් කළේය.

Read more

Local News