රේගුවේ ස්කෑනර් යන්ත්‍ර වලින් මිනිස් සිරුරට හානියක් නෑ

Share

ශ්‍රී ලංකා රේගුවේ ස්ථාපිත කර ඇති නව ස්කෑන් යන්ත්‍රවලින් මිනිස් සිරුරට හානියක් නොවන බව අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ එම ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කර ඇති ස්ථානවලට අද මාධ්‍යවේදින් ගෙන්වා ඒ සම්බන්ධයෙන් කළ දැනුවත් කිරීමකින් පසුවයි.

ආනයනයන අපනයන භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ස්ථාපිත කර ඇති නව ස්කෑන් යන්ත්‍ර පද්ධති හරහා නිකුත් වන කිරණ මගින් මිනිස් සිරුරට හානියක් සිදුවන බව පවසමින් බහාලුම් ප්‍රවාහනය කරන රියදුරන් ඊයේ(10) සිට වැඩවර්ජනය නිතර වෙයි.

මේ හේතුවෙන් රේගු අධ්‍යක්ෂවරයා ඇතුලු පිරිසක් අද එම නව ස්කෑන් යන්ත්‍ර පද්ධති ස්ථාපිත කර ඇති ස්ථානයට පැමිණ මෙමගින් එවැනි කිසිදු අහිතකර කිරණක් නිකුත් නොවන බවට මාධ්‍ය දැනුවත් කළේය.

Read more

Local News