ජනපති සහ අගමැති එකඟතාවය පළ කළ දෙයක් ගැන වාසු කියයි

Share

පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිසමේ කාල සීමාව දීර්ඝ කර වංචා දූෂණ සෙවීමේ වැඩ පිළිවෙළ ඉදිරියට රැගෙන යාමට කටයුතු කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟතාවය පළ කළ බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(11) පස්වරුවේ පැවති ආණ්ඩුපක්ෂ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.‍

Read more

Local News