ජපාන විදේශ කටයුතු අමාත්‍ය හෙට මෙරටට

Share

ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

 

හෙට (12)  පස්වරුවේ දිවයිනට පැමිණෙන ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ලබන 14 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජපාන රජයේ නියෝජිතයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.

සිය සංචාරයතුළදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වනු ඇති.

Read more

Local News