බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවන්න අනුමැතිය

Share

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවාලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රජයේ සහ රජයට අනුබද්ධ ආයතනවල නුපුහුණු රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පවතින බවත්, සමාජයේ අඩු ආදායම්ලාභී කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව දේශපාලන හා වෙනත් අනුග්‍රහයන් මත එවැනි රැකියා අවස්ථා සඳහා පුද්ගලයින් බඳවාගනු ලබන බවත් ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.

එම කරුණු සැලකිල්ලට ගනිමින් අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත කරුණ කරුණියන් 100000කට අධික රැකියා අවස්ථා සැලසීමට හැකි වන පරිදි බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක්, රජයේ දෙපාර්තමේන්තු වශයෙන් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද.

එකී බලකාය සඳහා වන බඳගැනීම විනිවිදභාවයකින් යුතුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමටත්, 2020 ජනවාරි මස 15 දින වන විට එම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු ඇරඹීමටත් සැලසුම් කර ඇත.

පිරිවැය අයකරගැනීමේ පදනමින් එකී බලකාවේ සේවාවන් රජයට, රජයේ අනුරබද්ධ ආයතනවලට සහ පෞද්ගලික අංශයට ලබාගැනීමට හැකිවනු ඇති බව ද අමාත්‍ය මණ්ඩලය විමින් සැලකිල්ලට ගන්නා ලදි.

Read more

Local News