ස්පාඤ්ඤයේ රසායනික ගබඩාවක ගින්නක් හ‌ටගනී

Share

ස්පාඤ්ඤයේ කැටලෝනියා ස්වයංපාලන බලප්‍රදේශයට අයත් මොන්තොර්නස් ඩෙල් වැලෙස් ප්‍රදේශයේ පිහිටි රසායනික ගබඩාවක ගින්නක් හටගෙන තිබ‌ෙ‌න බව වි‌දෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

ඒ හේතුවෙන් අවට ප්‍රදේශයේ වෙසෙන ජනතාව ඉවත් කිරීමටත් බලධාරීන් පියවර ගත්තේය.

ගින්නත් සමඟ ප්‍රදේශය පුරා කළු පැහැති ඝන දුමාරයක්ද පැතිර ගිය බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ හේතුවෙන් අවට ප්‍රදේශයේ වෙසෙන බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යැවීමට පියවර ගෙන තිබුණි.

ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ රථ 28ක් යොදවා තිබෙන බවද වි‌දෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එමෙන්ම හදිසි ප්‍රතිකාර සඳහා වෛද්‍ය කණ්ඩායම් හයක්ද අදාළ ස්ථානය වෙත යොමුකර තිබූ බව සඳහන් වෙයි.

ගබඩාවේ ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News