ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක්

Share

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

එහි අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක මහතා සඳහන් කළේ, කිසිදු ජාත්‍යන්තර පාසලක් දැනට අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණයට අයත් නොවන බවයි.

මේ හේතුවෙන් ඒවායේ ඉගැන්වීම් ක්‍රමවේද මෙන්ම දරුවන්ට දැරීමට සිදුවන පීඩනය මෙන්ම ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යංශයට හැකියාවන් නොමැත.

මීට අමතරව ඇතැම් ජාත්ත්‍යන්තර පාසල්වල උගන්වන ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ද ගැටලු පවතින බව ද අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඊට විසඳුමක් ලෙස නුදුරේදීම ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇති.

Read more

Local News