ශ්‍රීලනිපයේ වගකීම ගැන හිටපු ජනපති කියයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහි කරන ඉදිරි රජයක ජාතික සමගිය ගොඩනැගීමේ වගකිම ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

එම වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උතුරු සහ නැගෙනහිර පළාත් ආසන සංවිධායකවරුන් හමුවු මොහොතේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ ඉදිරියේදි ශක්තිමත් නව රජයක් බිහි කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ලබාදිය යුතු බවයි.

එහිදී උතුරු සහ නැගෙනහිර ජනතාවගේ විශ්වාසය එම රජයට දිනා දීමට සහ මැතිවරණයකදී මුස්ලිම් සහ දෙමළ ඡන්ද නව රජයට ලබා ගැනීමේ වැඩි වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට පැවැරෙන බවත් අවධාරණය කර සිටියේය.

Read more

Local News