ඉකුත් ආණ්ඩුව මඟහැර ඇති දෙයක් ගැන දිලුම් කියයි

Share

තමන්ට ඡන්දය ලබාදුන් ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් කටයුතු කිරීම ඉකුත් ආණ්ඩුව මඟහැර ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

මඩකලපුව ප්‍රදේශයේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගියදා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

මඩකලපුව ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවය නඟා සිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම වෙනුවෙන් ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කිරාන් සිට තොප්පිගල දක්වා දිවෙන මාර්ගයද එහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ, වසර 4 හමාරක් පුරා මෙම ප්‍රදේශයට කිසිවක් කිසිවෙකු විසින් සිදු කර නොමැති බවයි.

බහුතර ජනතාවක් ඡන්දය ලබා දී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, පසුගිය කාලයේ පැවතියේ එම රජය බවද කියා සිටියේය.

යුද්ධය අවසන් වීමෙන් පසුව විශාල සංවර්ධනයක් කළ බවත් පැවසු අමාත්‍යවරයා, ඒ වෙලාවේ දී සහය ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව කල්පනා කර බැලුවේ නැතැයි ද පසුගිය ආණ්ඩුවට මෙම ප්‍රදේශයේ ජනතාව සහය ලබා දී තිබුණත් මෙවැනි මාර්ගයක ගමන් කිරීමට සිදුව ඇතැයි ද පැවසීය.

බස් රථ හෝ ධාවනය කිරීමට නොහැකි වු තත්ත්වයට පත්ව ඇතැයි පැවසු අමාත්‍යවරයා, මෙම ප්‍රදේශ මුල සිටම සංවර්ධනය කළ යුතු බවත් කියා සිටියේය.

මේ අතර ඊයේ(12) මඩකලපුව බන්ධනාගාරය වෙත  පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා  හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හමුවී සුවදුක් විමසුවේය.

Read more

Local News