ලෝක රූ රැජිණ කිරුළ ජැමෙයිකාවේ ටෝනි ඈන්ට

Share

ලන්ඩන් නුවර පැවති 2019 ලෝක රූ රැජිණ තරගාවලියේ ජය හිමි කර ගැනීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං සමත් වූවා ය.

 

ඒ අවසන් වටයට තරග කළ, ප්‍රංශයේ ඕෆ්ලි මෙසීනෝ සහ ඉන්දියාවේ සුමන් රාඕ පරදවමිනි.

23 හැවිරිදි ටෝනි ඈන් සිං අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්ත සරසවියේ කාන්තා අධ්‍යයන සහ මනෝවිද්‍යා උපාධිය හදාරමින් සිටින්නී ය.

ලෝක රූ රැජිණ කිරුළ දිනාගත් හතරවන ජැමෙයිකානු කාන්තාව වන ටෝනි ඈන් සිංගේ ජීවිතයේ ප්‍රමුඛතාව හිමිවන්නේ සමාජ සුබ සාධන කටයුතු සඳහායි.

Read more

Local News