පාලවියේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී අයෙක් රෝහලට

Share

පුත්තලම පාලවියේදී අද (15) උදෑසන ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

 

මෙම අනතුරින් එක් අයෙකු බරපතල තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

පාලවිය දුම්රිය මාර්ගය වසා තිබියදී දුම්රිය ගේට්ටුවද කඩා ගෙන ගොස් ත්‍රීරෝද රථය පුත්තලම සිමෙන්ති සමාගමේ හුණුගල් ප්‍රවාහන දුම්රියේ පෙට්ටියක ගැටි ඇත.

අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

Read more

Local News