සුදු වෑන් සිද්ධියට අදාළ දෙදෙනා හෙට අධිකරණයට

Share

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය පිළිබඳව අනාවරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.

 

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගැනීමේ සිද්ධීන් පිළිබදව මෙම පුද්ගලයින් දෙදෙනා ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේය.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා දිනයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නමැති අදාළ පුද්ගලයන් දෙදෙනා එම මාධ්‍ය හමුවේ දී මිනිමැරීම්, අතුරුදන් කිරීම්, පැහැරගැනීම් සහ සොරකම් කිරීම් ඇතුළු සිද්ධීන් රැසක් පිළිබදව ප්‍රකාශ කළේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (16) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News