කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ 14 වන දින යාපනය, චෙඩ්ඩි වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ශ්‍රී ලංකාව මතින් තොර රටක් බවට පත් කිරීම සඳහා උර දෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව සිදු කරන ලද තවත් මෙහෙයමුක් යාපනය, චෙඩ්ඩි වෙරළ තීරය ආශ්‍රිතව සිදු කරන ලදී.

එහිදී සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු නිරික්‍ෂණය කර ‍එම සැකකරුවන් පරික්‍ෂාවට ලක් කර ඇත.

එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 310 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 42 සහ 45 වන වියෙහි පසුවන සිවපුරම් සහ සෙට්ටිපුරම් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කයිට්ස්, පොලීසිය විසින් සිදු කරනු ලබයි.