කොල්ලකෑම්වලට සම්බන්ධ 4ක් බෙලිඅත්තේ දී අත්අඩංගුවට

Share

බෙලිඅත්ත නඟරයේ විවිධ ස්ථානවල සොරකම් සහ කොල්ලකෑම් වලට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බෙලිඅත්ත පොලිස් නිලධාරීන් ඊයේ (14) දින සමත්ව තිබේ.

 

ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබූ රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා ඊයේ පස්වරුවේම තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරුවන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Read more

Local News