වත්මන් රජයට තරුණ ආකර්ෂණය තියෙනවාද ?

Share

ජනවරම තුළින් වත්මන් ජනාධිපතිවරයා පත් වී තවම මාසයක් පමනක් ගත වී ඇති නමුත් එම කාර්යල තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ජනතාවගේ හෘද ස්පන්දනයට කිට්ටු සහ ප්‍රසාදයට ලක්වෙලා තිබෙන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

 

අද (16) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

සාමාන්‍යයෙන් රජයක් බලයට පත්වූ අවස්ථාවේදී තරුණ ආකර්ෂණය ලබා ගැනීම අසීරු තත්වයක් වුවත් වර්තමානයේ වෙනස් වී ඇති බවත් වත්මන් රජයට තරුණ ආකර්ෂණය ඉතාමත්ම හොඳින් ලැබීමෙන් තිබෙන බව පෙනෙන්නට තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වත්මන් තරුණ සමාජය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ” ලස්සන රටක් පිරිසිදු රටක් ”  තේමාව කොයිතරම් ආකර්ෂණය කරගෙන තිබෙනවාද යන්න දෙවුන්දර තුඩුවෙ සිට පේදුරුතුඩුවට යනතෙක් ඇති තාප්ප පුරා ලස්සන වෙමින් තිබේන චිත්‍ර වලින් දැක ගත හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පෝස්ටර්  අලවලා සමහර තැන්වල බොහොම විනාශ වෙලා තිබුනා. එම ස්ථාන අද අලංකාර චිත්‍ර වලින් ලස්සන වෙනවා.

දැන් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පිළිවෙළට පිරිසුදුවට වැඩ කරන සංකල්පය රට පුරාම   ගමන් කරමින් තිබෙනවා.

ඒ ගැන අපි රජයක් විදිහට ලෙංගතුව මතක් කරන්න කැමතියි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි  අගමැතිවරයා රටේ සෑම ග්‍රාම සේවා  වසමකම රුපියල් ලක්ෂ 20 බැගින් සංවර්ධන කටයුතු සඳහා ලබාදෙන ව්‍යාපාරයකට උපදෙස් දීලා තිබෙනවා.

මේ තුළින් ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න තීරණය කරලා තිඛෙනවා. මෙය භාරකාර ආණ්ඩුව යටතේ තිබෙන කෙටි කාලය සඳහා පමණයි. “

Read more

Local News