දුරුතු පුර පසලොස්වකපෝය දිනය අදයි

Share

දුරුතු පුර පසලොස්වකපෝය දිනය අද (01)යි.

තිලෝගුරු බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ලංකාගමන එනම් මහියංගනයට වැඩම කිරීම දුරුතු පුන් පොහෝදා සිදු විය. මෙහිදී සුමන සමන් දෙවියන්හට කේශ ධාතුන් වහන්සේලා පිළිගැන්වීම සිදු කරන ලදී.

ලොව්තුර සම්මා සම්බුදු පදවියෙන් අභිසෙස් ලබා නව මසක් ඇවෑමෙන් එළඹුණු පින්බර දුරුතු පුන් පොහෝදා උරුවෙල් දනව් පියසෙහි වාසය කළ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන තූන්බැ ජටිලයන් ප්‍රධාන දහසක්වුවෝ තථාගත බුදුරජාණන් වහන්සේ හමුවෙහි දමනය වී තෙරුවන් සරණ ගොස් මේ ගෞතම බුදු සසුනෙහි උතුම් පැවිදි බව ලැබුවෙත් අද වැනි දුරුතු පුර පසලොස්වකපෝය දිනයකදීය.

Read more

Local News