ශ්‍රී ලංකා 20යි 20 සංචිතය ගැන නාමල්ගෙන් ට්විටර් පණිවිඩයක්

Share

ඉන්දීයාවට එරෙහි 20 යි 20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට මේ වන විටත් සිය අනුමැතිය ලබාදී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ, සිට ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමිනි.

මෙතෙක් ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා 20 යි 20 තරගාවලියට අදාළ සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා 20 යි 20 සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදය සිදුව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රමාදයක් හේතුවෙන් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රමාදය හේතුවෙන් බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3 කින් යුත් පන්දුවාර 20 යි 20 තරගාවලිය ආරම්භවීමට ඇත්තේ තව ත් දින 5 ක කාලයක් පමණි.

එසේ තිබියදී මෙතෙක් ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශවල අවධානය යොමුව ඇතත්, නම් කර ඇති බවට පැවසෙන සංචිතය පිළිබඳ මේ වන විටත් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

මේ වන විටත් ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් පුහුණුවීම් අරඹා ඇති බවත්, එහිදී සිදු වූ ආබාධයක් හේතුවෙන් නුවන් ප්‍රදීප්ට මෙම තරග සංචාරය ද අහිමි වී ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.

Read more

Local News