ලංකා සතොසෙහි නව සභාපති නුෂාඩ් පෙරේරා

Share

ශ්‍රී ලංකා රජය යටතේ ක්‍රියාත්මක විශාලතම සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොසෙහි සභාපතිවරයා ලෙසින් මෙරට ප්‍රමුඛ පෙළේ අලෙවිකරණ වෘත්තිකයෙකු වන නුෂාඩ් පෙරේරා මහතා පත් කර තිබේ.

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වන ඩයලොග් ආසියාටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ අලෙවි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසින් වසර 13ක දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු එහි සමූහ ප්‍රධන අලෙවි නිලධාරීවරයා වශයෙන් කටයුතු කළේය. එසේම ඩයලොග් ටීවී හි ආරම්භක ප්‍රධාන විධායකවරයා වූයේ ද නුෂාඩ් පෙරේරා මහතා යි.

2001 වසරේ දී ‘CIM Marketer of the Year’ සහ 2007 වසරේ Asia Brand Congress සම්මාන උළෙලේ දී ‘Global Brand Leadership Award’ සම්මාන ඔහු විසින් ජයග්‍රහණය කර තිබේ.

Read more

Local News