ඉර්ෆාන් පතාන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

Share

ඉන්දියාවෙන් බිහිවු දක්ෂ වේග පන්දු යවන්නෙක් වන ඉර්ෆාන් පතාන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව පසුගියදා නිවේදනය කළේය.

 

ඔහු ඉන්දියාව වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2012 වසරේදීයි.

ඉර්ෆාන් පතාන් 35 හැවිරිදි වියේ පසුවන අතර 2003 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර ඉන් වසරකට පසු එක්දින වරම් හිමි කර ගත්තේය.

ඉර්ෆාන් පතාන් විස්සයි විස්ස වරම් හිමි කරගත්තේ 2006 වසරේදී දකුනු අප්‍රිකාවට එරෙහිවයි.

ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 29ක්, එක්දින තරඟ 120ක් සහ විස්සයි විස්ස තරඟ 24ක් ක්‍රීඩා කර ඇති ඉර්ෆාන් පතාන් එහිදී කඩුලු 301ක් දවාගෙන තිබේ.

Read more

Local News