දෙවන විස්සයි විස්ස තරඟයේ ජය ඉන්දියාවට

Share

‍සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

 

තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුණි.

ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තේය.

එහිදී කුසල් පෙරේරා ලකුණු 34ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණූ 22ක් ලබා ගැනිමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවාසනයේ කඩුලු 03ක් දැවී සිටියදී ලකුණු 144ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.

Read more

Local News