කළු සල්ලි සුදු කිරීමට එරෙහිව වෙනම නීති ගෙනවා – වකුගඩු රෝගයට ග්ලයිෆොසෙඩ් බලපා තිබේනවා

Share

කළු සල්ලි සුදු කිරීමට එරෙහිව වෙනම නීති ගෙන එන බවත් මෙවැනි පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙන බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රජිත සේනාරත්න මහතා පවසයි.

කළු සල්ලි සුදු කරන්න රටේ ආයෝජනය කිරීමට උත්සහ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේදැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මෙසේ සඳහන් කළේ ය.

කළු සල්ලි සුදු කිරීමට එරෙහිව වෙනම නීතියක් ගේනවා. මෙවර අයවැයේ යෝජනාවක් තිබෙනවා. සමහර රටවල් ආර්ථිකය ගොඩනගා තිබෙන්නේම කළු සල්ලිවලින්. මෙවැනි පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. එවැනි අය ගුවන්තොටුපලින් යැව්වා නම් වැරදියි. එවැනි අය අත්අඩංගුවට ගෙන තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

 

ග්ලයිෆොසෙඩ් සම්බන්ධයෙන් අඳහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, වකුගඩු රෝගයට ග්ලයිෆොසෙඩ් බලපා ඇති බව පරීක්ෂණවලින් ප්‍රකාශ වී තිබෙනවා. රජය කාබනික පොහොරවලින් ඉවත්වෙන්නේ නෑ. ඇමෙරිකාවේ හඳුනානොගත් වකුගඩු රෝගය ඇතුළත් වෙලා. ස්විට්සර්ලන්තයේ රෝගය තිබෙන බවට නදුනාගෙන තිබෙනවා. අද සම්පූර්ණයෙන් පිළිගෙන තිබෙනවා, ජලයට ග්ලයිෆොසෙඩ් මුසුවීම බව සොයාගෙන තිබෙනවා. අපි ග්ලයිෆොසෙඩ් තහනම් කළා. ඒකට බැන්නා සමහරු. යුරෝපයේ බොහෝ රටවල රෝගය ඇති වෙලා. ඇමෙරිකාවත් ග්ලයිෆොසෙඩ් හේතුව බව පිළිගත්තා. අද  කාබනික පොහොර වැඩපිළිවෙල රටපුරා සාර්ථකව රටපුරා ක්‍රියාත්මකයි. රසායනික පොහොර හැමදාම කරන්න බෑ. හොඳ තීන්දු හා ජනප්‍රිය තීන්දු අතර වෙනසක් තිබෙනවා. එයයි යහපාලනය කියන්නේ.

ඇමෙරිකාවේ ජී එස්.පි ඇගලුම් සහනය ලැබෙනවා රටවල් 120කට. අපි දන්නේ නෑ, තීන්දුවක්ද නැත්නම් කල්දැමීමට කරගන්න බැරි වීමක් ද කියලා. අපේ අපනයනය තියෙනවා, ඩොලර් බිලියන 10.8ක්. විශල ප්‍රශ්නයක් නොවේ. යුරෝපා GSP+ සහනය තියෙන්නේ ලෝකයේ රටවල් 9කට. ඉන් එකක් ශ්‍රී ලංකාව. එයයි අප ජී.එස්.පී ප්ලස් සහනය ගැන සතුටු වෙන්නේ යැයි ජී.එස්.පී සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News