වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද

Share

මේ වසරේ පළමු චන්ද්‍රගහණය අද (10) රාත්‍රියේ දිස්වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකය පවසයි.

 

මෙම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන් අද රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළුවීමත් සමඟම ග්‍රහණය ආරම්භ වෙයි.

ග්‍රහණය අවසන් වනුයේ 11 දින අළුයම 2.42 ට ය.

උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ අද මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 ට බව ද සඳහන්.

ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාවේ වැඩි කොටසක්, නැගෙනහිර දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් වැනි රටවලට ද දිස්වෙයි.

Read more

Local News