පොහොර හිඟය අද වනවිට අවසන්

Share

පාකිස්ථානයෙන් ගෙන්වීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 40,000ක පොහොර තොගය මේ වනවිට ශ්‍රී ලංකාවට ‍ලැබී ඇති බැවින් මෙතෙක් පැවති පොහොර හිඟය (04)අද වනවිට අවසන් වනු ඇතඅ බව සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

විශේෂ අවසරයක් මත කොළඹ වරායේ සිට එම පොහොර තොගය ඊයේ (3) රාත්‍රී සිට ලොරි රථ 200ක් යොදා ගනිමින් අවශ්‍ය ප්‍රදේශවලට ‍ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

පාකිස්ථානය පොහොර අපනයනය තහනම් කිරිම හේතුවෙන් මෙරටට පොහොර ලබා ගැනීමේ දී ප්‍රමාදයක් සිදුව තිබූ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාකිස්ථාන අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙරටට පොහොර ලබා දීමට එරට රජය එකඟවූ බවත් ඒ අනුව අදාළ පොහොර තොග මෙරටට ලැබෙමින් පවතින බවත් ඇමැතිවරයා පවසයි.

 

Read more

Local News