වරකාපොළ වෙඩි තැබීමකින් දියණිය මරුට – මවට බරපතළයි

Share

වරකාපොළ, දොරවක ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇත.

 

අද (14) උදෑසන 5.30 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය පවසයි‍.

මෙම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ මව වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News