සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

 බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම භික්ෂු අධ්‍යාපනය නංවාලීම පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් විසින් මෙම රැස්වීමේ මූලාසනය හෙබවූ අතර ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමියන් ඇතුඑ භික්ෂුන් වහන්සේ මේ අවස්ථාවට වැඩමකර සිටියහ.

Read more

Local News