ශ්‍රීලනීපයේ ලාංඡනය මොකක්ද ?

Share

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය පොහොට්ටුවද පුටුවද යන්න පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක් මඟින් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

කොළඹ පක්ෂ මූලස්ථානයේ අද(14) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගත වෙන විට වෙනත් ලංඡනයක් ගත් බවත් පැවසීය.

“පුටුව“ හා “බුලත්කොළය“ වැනි ලාංඡන ගනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට බවත් පැවසු දයාසිරි ජයසේකර මහතා, බැරිවෙලා හෝ ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය පොහොට්ටුව බවට පත් වන්නේ නම්, පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ඔවුන්ගෙන් ඉවත් වන බවත් කියා සිටියේය.

විශේෂයෙන් ජනපති, අගමැති හා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සියලු දෙනා සමඟ සාකච්ඡා කර ලකුණ පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගැනීමට උත්සහ ගන්නා බවත් දයාසිරි මහතා පැවසීය.

කිසිදු ගැටළුවක් ඒ නිසාවෙන් නොමැති බවත් සන්ධානයක් තුළ එකට එකතු වී වැඩ කළ හැකි බවත් පැවසු ඒ මහතා, පොදු ජන පෙරමුණේ පුටුව ලකුණ වෙනුවට පොහොට්ටුවක් ගෙන එන ලෙස ඉල්ලීමක් තිබෙනවා නම් පොහොට්ටුව ගෙන ඒම තුළ ඔවුන්ට පොහොට්ටුව නැතිවන බවත් කියා සිටියේය.

අනාගතයේ දිත් සන්ධාන ආණ්ඩුවක් යටතේ වැඩ කිරීමට බලාපොරොත්තු වන බවත්, මෙපමණ කාලයක් ප්‍රධාන පක්ෂය බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පත්ව තිබු නිසාවෙන් තම පක්ෂයේ අයට මෙයට හුරු නැති බවත් පැවසු දයාසිරි මහතා, ඔවුන්ට අනෙක් අය යට කර ගැනීමේ සම්ප්‍රදාය පුරුදුව තිබු බවත් පැවසීය.

අද දිනයේ පොදු ජන පෙරමුණ විසින් එය කරමින් සිටින බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා “එක් බිම් ඌරෙකු විසින් තවත් බිම් උරෙකුට අල හාරා දෙන්නේ නැතැයි ද?“ කියා සිටියේය.

එය ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් හා සංවිධායකවරු ද හොඳින් එය අවබෝධ කර ගත යුතු බවත් පැවසු දයාසිරි මහතා, තමන්ගේ අල හාරා ගැනීම තමන්ගේ ක්‍රියාදාමයක් බවත් පැවසීය.

Read more

Local News