අමෙරිකානු ආර්ථිකය පරිවර්තනයකට ලක්වන ගිවිසුම

Share

අමෙරිකාව සහ චීනය අතර වෙළඳ අර්බුධය ලිහිල් කරගැනීම සඳහා වන ගිවිසුමකට ඊයේ(15) අත්සන් තැබීය.

 

මෙම ගිවිසුම තුළින් අමෙරිකානු ආර්ථිකය පරිවර්තනයකට ලක්වනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

අමෙරිකාව සහ චීනය අතර ඓතිහාසික වෙළඳ ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උප අගමැති ලියු හී අස්සන් තැබුවේ ධවල මන්දිරයේදීයි.

චීනය සමඟ මීට වැදගත් පියවරක් ඉදිරියට තැබූ බව ගිවිසුම අස්සන් කිරීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් පැවසුවේය.

මේ ගිවිසුම තුළින් අමෙරිකානු ආර්ථිකයේ පරිවර්තනයක් සිදුවනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

ගිවිසුම තුළින් අමෙරිකා-චීන වෙළඳ අර්බුදය ලිහිල් කරගැනීමට අපේක්ෂා කරන අතර ඒ ඔස්සේ ගෝලීය ආර්ථික ගැටළු රැසකටත් විසඳුම් ලැබෙනු ඇති.

2017 වසරට සාපේක්ෂව අමෙරිකානු ආනයන, අමෙරිකානු ඩොලර් බිලියන 200කින් වැඩිකිරීමටත් බුද්ධිමය දේපළ නීති වඩා ශක්තිමත් කිරීමටත් චීනය මෙහිදී පොරොන්දුවක් ලබාදී ඇතැයි සඳහන්.

ඒ අනුව චීන නිෂ්පාදන මත අලුතින් පැනවූ තීරුබදු අඩකින් කපාහැරීමට අමෙරිකාව එකඟවී තිබුණි.

මේ අතර චීන ජනාධිපති ෂී ජින් පින් විසින් එවන ලද පණිවුඩයක් උප අගමැති ලියු හී විසින් ඉදිරිපත් කළේය.

වෙළඳ ගිවිසුමේ පළමු අදියර චීනයට සහ අමෙරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම ප්‍රතිලාභ ගෙන දෙන්නක් බව එහි සඳහන් වුණේය.

Read more

Local News