බන්ධනාගාරයට හෙරොයින් ගෙනා පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාරයේ නේවාසික රැඳවියකු හට ලබා දීම සඳහා සූක්ෂ්ම ආකාරයෙන් හෙරොයින් මත්කුඩු රැගෙන ආ පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට පත් පුද්ගලයා මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ‌වෙයි.

ඔහු මත්කුඩු ඡාවාරම චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයකු හට කෑම පාර්සලයක් ලබා දෙන මුවාවෙන් මත්කුඩු ලබා දීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ප්ලාස්ටික් කෑම පෙට්ටියක ව්‍යජ පතුලක් සාදා හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 08 සඟවා රැඳවියා හට ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේ පිටතින් ගෙනෙන ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කරන විශේෂ කණ්ඩායමක් විසින් මත්කුඩු අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා පල්ලෙකැලේ පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන ඇත.

Read more

Local News