ත්‍රීරෝද රථයක් නිවසක් මතට පෙර‌ළෙයි – දෙදෙනෙක් රෝහලට

Share

නාවලපිටිය නගරයේ සිට නාවලපිටිය ඩෙලි පාර දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලිමෙන් අනතුරක් සිදුව තිබේ.

 

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය නගරයේ සිට ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රිරෝද රථයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු නාවලපිටිය නගරය දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයකට ඉඩ දිමට යාමේදි ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන නිවස මතට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් නිවසට සහ ත්‍රිරෝද රථයට අලාභ හානි සිදු වි ඇත.

නාවලපිටිය ඩෙලි මාර්ගය පටු නිසා වාහන දෙකක් මාරු විමට ඉඩ නොමැති විමෙන් මෙවැනි අනතුරු සිදු වන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

Read more

Local News