Tuesday, March 19, 2024.

යුක්‍රේන අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි

Share

යුක්‍රේන ජනාධිපතිවරයා විවේචනය කරමින් අදහස් දැක්වූ හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් එරට අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චොරොක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

 

රජයේ ප්‍රධානීන් පිරිසක් සමඟ පැවති හමුවකදී ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයාගේ දැනුම අල්ප බවට අග්‍රාමාත්‍යවරයා සිදුකළ අදහස් දැක්වීමක් ඇතුළත් හඬපටයක් මෙලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

කෙසේවෙතත් අදාළ හඬපටය යොදාගනිමින් තමා සහ තම කණ්ඩායම ජනාධිපතිවරයාට ගරු නොකරන බවට කෘතීමව මතයක් නිර්මාණය කිරීමට උත්සහ දරා ඇති නමුත් එය සත්‍ය නොවන බව සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කරමින් යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

වෘත්තියෙන් නීතීඥවරයෙකු වූ 35 හැවිරිදි ඔලෙක්සි හොන්චොරොක් පසුගිය අගෝස්තු මාසයේ යුක්‍රේන අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ එම ධුරයට පත්වූ ලාබාලතම පුද්ගලයා බවට පත්වෙමින්.

යුක්‍රේන ජනාධිපති ව්ලොදොමීර් සෙලෙන්ස්කි චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන්ම ප්‍රහසන නළුවෙකු දවන අතර පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේ දී අනපේක්ෂිත ජයක් ලබමින් ඔහු ජනාධිපතිධුරයට තේරී පත්වුණි.

Read more

Local News