පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව යළි අරඹයිද ?

Share

ත්‍රස්තවාදී ගැටුම් නිසා අකර්මණ්‍ය වූ පරන්තන් රසායන කර්මාන්තශාලාව යළි අරඹන බවත් එසේම ඒ ආයතනය සතු වූ භූමිභාගය යොදාගෙන රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත පුරයක් ඉදි කරන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

 

ඒ මහතා මෙසේ පැවසූවේ ඊයේ (17) පරන්තන් රසායන කර්මාන්තශාලාව පිහිටි භූමිභාගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කර්මාන්ත පුරය ඉදි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව නුදුරේදීම ඉදිරිපත් කරන බවත් පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි ඇරඹීමේදී රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම හවුල්කාර සමාගමක් ලෙස අරඹන බවත් ඇමතිවරයා සදහන් කළේය.

වැඩසටහන් අවස්ථාවට අමාත්‍යාංශ නිළධාරීන්, පරන්තන් කෙමිකල් කම්පැණි ලිමිටඩ් ආයතනයේ නිළධාරීන්, ප්‍ර දේශයේ ආරක්ෂක අංශ නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News