වත්මන් රජය යළි පවුල් බලය ස්ථාපිත කරනවා

Share

19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය හා ස්වාධීන කොමිෂන් සභා අහෝසිකරමින් යළිත් ඒකාධිපති පවුල් බලය ස්ථාපිත කරලීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා ස්වාධීන කොමිෂන් සභා අහෝසිකරලීමට රජය කටයුතු කරමින් සටින බවයි.

එය රටේ ජනතාව අසීරුවෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ගණනාවක් යළි අවුරාලීමක් බවත් එව වළක්වා ගැනීමට සඳහා එක්වන ලෙස සියලු ප්‍රගතිශීලී බලවේගයන්ට ආරාධනා කරන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read more

Local News