කසළ දුමක් නිසා කතරගම පාසලක් තාවකාලිකව වසයි

Share

කතරගම දෙටගමුව කණිටු විදුහල තාවකාලිකව වසා දැමිමට අද(21) පෙරවරුවේ විදුහල් පාලන අධිකාරිය තීරණය කර තිබේ.

 

ඒ  විෂ සහිත දුමාරයක් ප්‍රදේශය පුරා පැතිර යෑම හේතුවෙන්.

පසුගියදා හොරණ ප්‍රදේශයේ සිට කතරගම ප්‍රදේශයට නීති විරෝධිව කැළි කසල තොගයක් රැගෙන ඒමේ දී ට්‍රක් රථ දෙකක් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ කැළිකසළ තොගයක් පොලිස් භාරයට ගැණුනි.

එම කැළිකසළ තොගය සම්බන්ධව නීතිමය කටයුතු සිදුකිරිමට අවශ්‍ය බැවින් පොලීසිය විසින් එම කැළිකසළ තොගය වැඩිහිටි කන්ඳ රක්ෂිතයට බැහැරකර තිබූ අතර ඊයේ(20) රත්‍රියේ එම කැළිකසල තොගයට කිසියම් පිරිසක් විසින් ගිණි තැබිමක් සිදුකර තිබේ.

ගින්න හේතුවෙන් පිටවන අධික දුමාරය පිළිකා කාරක ඇතිවිමට හේතුවිය හැකි බවට ප්‍රදේශිය සෞඛ්‍ය අධිකාරිවරයා විසින් තිරණය කිරිමත් සමග  දෙටගමුව කණිටු විහාදුල තාවකාලිකව අද පෙරවරුවේ වසා දැමුණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කතරගම පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News