තේ දළු නෙලමින් සිටි 16කට බඹර ප්‍රහාරයක්

Share

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (21) පස්වරුවේ එල්ල වු බඹර ප්‍රහාරයෙන් වතු කම්කරුවන් 16 දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට සහ දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

 

බගවන්තලාව පොලිස් වසමට අයත් හෙල්බොඩ වතුයායේ පහල කොටසේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් පස්වරු 3.30 ට පමණ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිම නිසා ඇවිස්සුනු බඹරුන් වතු කම්කරු කාන්තාවන් 12 දෙනෙකුට සහ වතු කම්කරුවන් 4 දෙනෙකුට පහර දි තුවාල සිදු කර ඇත.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පස්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලටත් සෙසු අය දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

බඹර ප්‍රහාරයෙන් සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News