19 අහෝසි කිරීමේ අරමුණ ගැන එජාපයට අපැහැදිලියි

Share

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකළ යුතු බවට මතයක් ගොඩනගමින් සිටින්නේ කුමන අරමුණකින්ද යන්න අපහැදිලි බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

 

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවුරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට නමක් යෝජනා කළාම ඒ නම ප්‍රතික්ෂේප කරන්න කාටවත් බලයක් නෑ.

අපි 19 ගෙනැල්ලා අපි ඒකට වගන්තියක් එක් කළා, විධායකය යෝජනා කළත් ව්‍යවස්ථාදායකයට පුළුවන් ඒක ප්‍රතික්ෂේප කරන්න, කියලා.

ඒකෙන් සමබරතාවයක් ඇති වුණා. මොකද ව්‍යවස්ථාදායක සභාවෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා.

අධිකරණයේ, රාජ්‍ය සේවා කොමිසමේ, පොලීසියේ ස්වාධීනත්වය ඇති කරන්න තමයි ඒ ව්‍යවස්ථාදායක සභාව ගෙනාවේ.

ඇයි මේක නැති කරන්න හදන්නේ?”

Read more

Local News