රංජන්ගේ අරමුණ ගැන ශෙහාන් කියයි

Share

අධිකරණ පද්ධතියට හානි කිරීමේ අරමුණින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ ක්‍රියාදාමය සඳහා සහාය දැක්වූ පුද්ගලයන් රටට හෙළිකර ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

අනුරාධපුරයේදී ඊයේ(22ක) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රන්ජන් රාමනායක පවසන ආකාරයට අධිකරණ පද්ධතියට බලපෑම් කරන්න බලය ලැබුණු ආකාරය විමසා බැලිය යුතු බවයි.

විශේෂයෙන් පසුගිය වසර 5 තුළ ඔහුගේ කාර්යභාරය වී ඇත්තේ අධිකරණ පද්ධතිය ගැන අප්‍රසාදයක් ඇති කිරීම වන බවත් පැවසු ඒ මහතා, ක්‍රමන්ත්‍රණකාරී කණ්ඩායම් මේ රටේ අධිකරණ පද්ධතියට ඉතා සැලසුම් සහගත ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු යොදා ගෙන හානි කරන බව ද කියා සිටියේය.

එනිසා රන්ජන් මන්ත්‍රීවරයා පිටුපස සිට මෙවැනි කුමන්ත්‍රණ මෙහෙය වූ අය පිළිබඳ නීති පද්ධතිය තුළින් හෙළිදරව් කළ යුතු බවත් ඒ අනුව ඔවුන්ට දඩුවම් ලබා දිය යුතු බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News