සමන්තුරේ දී ජීව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

Share

සමන්තුරේ පොලිස් වසමේ සෙන්නල්ග්‍රාමය, සමන්තුර ප්‍රදේශයේ දී ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

ඊයේ (22) සවස මෙම වැටලීම සිදු කර ඇත්තේ සමන්තුරේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරීමේ දී.

එහිදී නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙක් හා භාණ්ඩ රැසක් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර මිලිමීටර් 5.5 ජීව උණ්ඩ 52 ක්, මිලිමීටර් 7.5 ජීව උණ්ඩ 12 ක්, කළු බෙහෙත් ග්‍රෑම් 600ක්, ඊයම් බෝල හා කැබලි කිලෝ ග්‍රෑම් 1 ග්‍රැම් 40 ක්, ගලවන ලද ඩෙටනේටර් කොටස් 1 ක් හා බඳින තුවක්කුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (23) සමන්තුරය මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සමන්තුරය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News